Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
තම රට බටහිර රටවල අවශ්‍යතාවලට ගරු කරන ආකාරයෙන් ඔවුන් ද තම රට සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් රුසියාවට තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග සඳහා යොමුවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි. එලෙස කටයුතු කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් යුක්‍රේනයෙන් පසු යුදමය තත්ත්වයන් සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවක් තම රටට නොමැති බව ද ඔහු සඳහන් කළේය. රුසියාව විසින් යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ බව සඳහන් කර තිබුණි. රූපවාහිනී වැඩසටනකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබූ අතර පැය 04කුත් මිනිත්තු 30ක පමණ කාලයක් පැවති එම වැඩසටහනේ දී පුටින්…
සෙන්ගල් ඔයෙන් පෝෂණය වන වැව් 05 ක් පිහිටි ආනවිළුන්දාව රැම්සා අභය භූමිය යනු දේශීය මෙන්ම විවිධ රටවල්වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් තම ප්‍රජනන කටයුතු සිදු කිරීමටත්, ඉන් අනතුරුව බිහිවන පැටවුන් සිය රටවල් කරා කැඳවා ගෙන යන තුරු රැක බලා ගනිමින් රැදී සිටින පරිසර පද්ධතියක්.එමෙන්ම මෙම භූමියේ පිහිටි වැව් පද්ධතියේ රැස් වන ජලය මඟින් ප්‍රදේශයේ ගොවීන් රැසක් ද සිය කුඹුරු වගාව සිදු කරගනු ලබනවා.කෙසේ වෙතත් පැවති අධික වර්ෂාවත් සමඟ එම භූමියේ පිහිටි මයියාව වැව් බැම්ම පුපුරා යාම නිසා එම වැව මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව වාර්තා වනවා.එමෙන්ම ඊට යාබදව පිහිටා ඇති සුරුවිල වැවෙහි බැම්ම ද ස්ථාන 08 කින් පමණ…
අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (20) අලුයම ඒ මහතාගේ දේහය තැම්පත් කර ඇති එප්පාවල කටියාව පිහිටි නිවසට පැමිණ සිටියා. දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ පිරිස් වෙත සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී නාමල් රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා. අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ ගැටළු පිළිබද අවබෝදයකින් යුතුව කටයුතු කළ බවත් ඔහුගේ වියෝව පිළිබද ශෝකය පලකරන බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට ආණ්ඩුව සිතනුයේ ඔවුන්…
ආදරේ කරද්දී පරිස්සමෙන්. Gen z ලා ගොඩක් වැරදි කරනවා ආදරේ කියන subject එකේදී. වැරදි තීරණ ගන්නවා. වැරදි අයව තෝරාගන්නවා. හොඳ කෙනා නරක කෙනා අඳුරගන්නේ නෑ.මිනිස්සු බනින එක සාධාරණ වෙන්නේ ඒකයි. හිතලා බලලා තීරණ ගන්න… ආදරේ කරද්දී පරිස්සමින්. බොළඳ නොවී සොයා බලා ආශ්‍රය කරලා බලලා තීරණය කරන්න.දේශානි නෙහාරා කියන්නේ ඒ ගැන නේද? සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන…. ඇත්ත සතාව හංගගෙන… ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක…. ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ… හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි….. !මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ…
දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය. මේ අතර අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමේ සිද්ධියට අදාළ නඩුව අද මහර අංක 02 අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර…
අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක් ලැබී ඇත. දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසය. මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවද එහි දැක්වෙයි.…
කුරුල්ලන්ගෙන් මිනිසාට වැළඳෙන කුරුළු උණ යම් දිනෙක ගෝලීය අර්බුදයක් දක්වා ඔඩුදුවන බවට වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම යථාර්ථයක් වෙමින් ඇති බව විදෙස් වාර්තාවන්හි අනතුරු අඟවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන පරිදි, H5N1 යන කුරුළු උණ වර්ගය, 2003 සිට 2025 අගෝස්තු දක්වා රටවල් 25 කින් ආසාදිත රෝගීන් 990 ක් වාර්තා වුණා. මෙම කාලය තුළ මරණ 475 ක් සිදුව ඇති අතර, එය 48% ක මරණ අනුපාතයක්. අමෙරිකාවේ පමණක්, මෙම වෛරසය පක්ෂීන් මිලියන 180 කට වඩා ආසාදනය වී තිබෙන බව සඳහන්. ප්‍රාන්ත 18 ක කිරි ගව පට්ටි 1,000 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ. අමෙරිකාවේ අවම වශයෙන්…
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපාි පියසේන මහත්මිය පැවසීය. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) මහනුවර දිස්ත්‍රික්කය:- දොළුව- උඩුදුම්බර- මැදදුම්බර නුවරඑළිය දිස්ත්‍රික්කය:- වලපනේ- හගුරන්කෙත- නිල්දණ්ඩාහින්න- මතුරට අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න…
