Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32%කට වඩා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. මෙය ප්‍රධාන වශයෙන්ම ආනයන මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරාබදු හරහා රේගුව විසින් එකතුකල බදු නිසා සිදුව ඇති බවයි සඳහන්. මේ අනූව සැප්තැම්බර් මස අවසානය වන විට බදු ආදායම පෙර වසරට වඩා 32.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,563 දක්වා ළඟා වී තිබෙනවා. එමගින් මූලික අතිරික්තය රුපියල් බිලියන 1,463 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්. 2025 වසරේ මුල් මාස නවය තුළ අයවැය හිඟය නාමික වශයෙන් 54.5% කින් අඩු වී රුපියල් බිලියන 441.4…
පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණයේදී තමන්ව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ මුල් තැන්ගෙයි හි සේවකයෝ ඊයේ (27) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ මුල්තැන්ගෙයි කටයුතුවලට බාධා එල්ල වූ බව එම සේවකයෝ පවසති. පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහපාලක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත. තම වැටුප් ප්‍රශ්නය විසඳන ලෙස අවස්ථා කිහිපයකදී ගෘහ පාලක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු පියවරක් ගෙන නැති බවට එම සේවකයෝ චෝදනා කරති. කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියේදී විවිධ වූ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව විරෝධතාවයේ නියැළුණ සේවකයෝ පැවසූහ.
පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ. අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වේ. සංචාරකයින් 170 දෙනෙකු සමග අදාළ ගුවන් යානය පැමිණීමට නියමිතය. රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical
පසුගිය වකවානුවේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම කතාබහට ලක්වූ සිදුවීමක් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති පැමිණිල්ලට නඩුවට අදාළ හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත විභාගයට ගැනීමට නියමිතව තිබේ. වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, එංගලන්තයේ ‘වුල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන්, දින එකහමාරක් තුළ රජයේ මුදල් රුපියල් කෝටි 1.5කට අධික ප්‍රමාණයක් වැය කරමින් රාජ්‍යයට පාඩුවක් සිදු කිරීමයි. මේ අතර, මෙම නඩුවට අදාළව පසුගිය නඩු දිනයේදී අධිකරණ පරිශ්‍රයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ද අධිකරණය දැඩි අවධානයක් යොමු කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත්…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා පොලිසියට පාතාලයේ ආයුධ පිළිබඳව ඔත්තුවක් දුන් හේතුවෙන් එතුමා ඝාතනය කළා……… වැලිගම සභාපති පොලිසියට පාතාලයේ ආයුධ අල්ලා ගැනීමට ඔත්තුවක් ලබාදී පසුව පාතාලය විසින් ඔත්තුව ලබාදුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමට ඔහු ඔත්තුව දුන් බව පාතාල නායකයා දැනගත්තේ කෙසේද කියා පොලිස්පතිතුමාගෙන් විමසන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,“ රටට ජයග්‍රාහණ රාශියක් ගෙනාපු දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරඟාවලියේ අනුශුරතාවය දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂයක් හැටියටත් අපේ රටේ සියලුදෙනා වෙනුවෙන්ම උණුසුම් සුබපැතුම්…
සැලකිලිමත් වන ලෙස දැනුම්දෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන් මෙම තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. එම ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය. මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබදව එතුමන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය සඳහා පසුගිය 26වන දින බැති සිතින් සම්බන්ධ වුණෙමි. ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ කාරක සංඝ සභික, සිරි සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙන් ගරු පරිවේණාධිපති, ශ්‍රී බුද්ධසිරි මහා විහාරධිපති, බේරුවල දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මොරගල්ලේ අරියවිමල තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද මෙම මහා විහාර මන්දිරය ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය කලුවාමෝදර සීලරතන තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ මහා…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැවැන්තයෙකු වන කුමාර් සංගක්කාර සිය 48 වන ජන්ම දිනය අද (27) සැමරූ අතර ඊට සමගාමීව ඔහුට සුබ පතමින් විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. එහි එක් විශේෂ පෝස්ටුවක් වූයේ ඔහු වයින් ස්ටොර්ස් එකකට ගොස් කිහිප දෙනෙකු සමග මත්පැන් ’ෂොට්’ එකක් ගන්නා අයුරුය. පැරණි තාලේ වීදුරු වලට පුරවාගත් මත්පැන් තමා සමග සිටින අය සමග චියර් කර බොන මෙම දර්ශනය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ.මෙම සිදුවීම තරමක් වෙනස් එකක් වූවද එය සත්‍ය ලෙස සිදුව ඇත්තේ ගාල්ලේ පිහිටි ‘සිඩ්නි’ හෝටලයේදීය.සාම්ප්‍රදායික ගම පදනම් කරගත් ආකෘතියකින් නිර්මාණය කර ඇති මෙම හෝටලයේ ගමේ වයින් ස්ටොර්ස් එකක්ද ඇති අතර සංගා…
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..
